දිනයක් නැති ලිපියක් රවීගෙන් මහ බැංකු අධිපතිට
මාර්ග සංවර්ධන කටයුතු සඳහා ගෙවීමට රුපියල් මිලියන 75ක මුදලක් අවශ්‍ය බව පවසමින් දිනයක් රහිත ලිපියක් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මහා බැංකුවේ අධිපතිවරයාට යවා ඇතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් මහා භාණ්ඩාගාරයේ විශ්‍රාමික මෙහෙයුම් අධක්ෂක ජනරාල් එම්.එස්.ඩී. රණසිරි මහතා පැවැසීය.
එසේම මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ සඳහන් මුදලට අමතරව තවත් රුපියල් මිලියන 75ක මුදලක් අවශ්‍ය බව මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කිසිවෙක් හෝ තමාට දැනුම් දුන්නේ නැතැයිද ඔහු පැවසීය.
කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතාගේ මෙහෙයවීම යටතේ මහා භාණ්ඩාගාරයේ විශ්‍රාමික මෙහෙයුම් අධක්ෂක ජනරාල් එම්.එස්.ඩී. රණසිරි මහතා අද (18දා) සාක්කි දෙමින් සිටියදී ඔහු වෙත ලිපියක් ඉදිරිපත් කරමින් කළ ප්‍රශ්න කිරීම්වලදී රණසිරි මහතා මේ බව හෙළිකළේය.
මහා භාණ්ඩාගාරයේ විශ්‍රාමික මෙහෙයුම් අධක්ෂක ජනරාල් එම්.එස්.ඩී. රණසිරි මහතා සාක්කි දෙමින් සිටියදී ඔහු වෙත ලිපියක් ඉදිරිපත් කරමින් එම ලිපිය ලියා ඇත්තේ කවුරුන්දැයි විමසීය.
මේ අවස්ථාවේදී සාක්කිකරුට ලිපියක් ඉදිරිපත් කරන ලදුව එය මුදල් ඇමති රවී කරුණානායක මහතා විසින් ලියන ලද ලිපියක් ලෙස සාක්කිකරු හඳුනාගත්තේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

