ගෙවීගිය පැය 24 තුළ අධිවේගී මාර්ගය හරහා වාහන 44,000 ක් ගමන් කර තිබෙන බවත්, එමගින් රුපියල් මිලියන 13 ක ආදායමක් උපයාගෙන තිබෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂක එස්.ඕපනායක මහතා සඳහන් කළේය.
සිංහල අලුත් අවුරුද්ද සමයේදී අධිවේගී මාර්ගය හරහා වැඩිම වාහන ප්‍රමාණයක් ධාවනය කර තිබෙන්නේ අප්‍රේල් 09 වැනි දින බවත් එදින වාහන 44,000 ක් ධාවනය කර තිබෙන බවත්, එදින ආදායම රුපියල් මිලියන 15 ක් බවද පවසා සිටියේය.