යුද්ධ හමුදා පොලීසිය, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව සිකුරාදා (18දා) දින දිවයින පුරා සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී, නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 777 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් අතර එක් යුද්ධ හමුදා නිලධාරියෙකු සහ සෙසුනිලයින් 776 දෙනෙකු සිටින අතර එම සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව යුද්ධ හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටි.
එසේම මෙම අත්අඩංගුවට ගැනීම යුද හමුදා ඉතිහාසයේ එක් දිනක් සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජික්යන් වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වෙන බවත් යුද හමුද මාධ්‍ය අංශය පවසයි.