නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහජන අදහස් ලබාගැනීමේ වැඩසටහනට දින දෙකක කාලයක් තුළදී පුරවැසියන් 200 දෙනෙකු අදහස් හා යෝජනා ලබාදී ඇතැයි මහජන අදහස් ලබාගැනීමේ කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා සඳහන් කළේය.
කොළඹ 02 විසුම්පායේ පිහිටි මහජන අදහස් ලබාගැනීමේ ප්‍රධාන කාර්යාලයට ඊයේ (18දා) සහ අද (19දා) දිනය තුළදී මෙම පැමිණිලි ප්‍රමාණය ලැබී තිබෙන බවත්, මෙම ස්ථානයට පැමිණ හෝ දුරකථන, ෆැක්ස් සහ විද්‍යුත් තැපෑල මගින් ජනතාවට අදහස් සහ යෝජනා ලබාදිය හැකි බවද ඒ මහතා පවසා සිටියේය.
දුරකථන අංක 011-2437676 ඔස්සේ සහ 011-2328780 ෆැක්ස් අංකය ඔස්සේ හා [email protected] ඊමේල් ලිපිනයට පිවිසීමෙන් අදහස් හා යෝජනා ලබාදිය හැකිය.