වසරකට දින 65 ක් නොව වසරකට පැය 65ක් වත් ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ධීවර කටයුතු සිදු කිරීමට ඉඩ නොදෙන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද හින්දු පුවත් සේවයට පවසා තිබේ.
ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව විසඳීම සඳහා ඉන්දීය ධීවරයින්ට වසරකට දින 65ක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදුකිරීමට ඉඩ දෙන ලෙස දිල්ලියෙන් කළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ද හින්දු පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.