මං තීරු නීතිය දැඩිව ක්රියාත්මක කිරීම යටතේ බස්නාහිර පළාත තුළ ගෙවී ගිය දින 31 ක කාලය තුළදී රියදුරන් 78117කට එරෙහිව නීතිය ක්රියාත්මක කර තිබේ.
මං තීරු නීතිය දැඩිව ක්රියාත්මක කිරීම යටතේ කොළඹ නගරය තුළදී පමණක් රියදුරන් 47354කට එරෙහිව නීතිය ක්රියාත්මක කර තිබෙන අතර, නීති උල්ලංඝනය කළ සමස්ත රියදුරන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.