බොරැල්ල, කාසල් රෝහලේදී වයස දින 14ක් දැරියක් ඝාතනය කළ මව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඊයේ (20දා) පෙ.ව. 10.00ට පමණ මෙම ඝාතනය සිදුකර තිබේ. සැකකාරිය අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 31දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකාරියට ඇතිවූ උණ රෝගයට ප්රථිකාර ගැනීම සඳහා දැරිය සමග රෝහලට ඇතුලත්ව සිටයදී මෙම ඝාතනය සිදුකර තිබෙන බව පොලීසිය කියයි.