ඉදිරි දින 10 තුළදී තැපැල් දෙපාර්තමේන්තුවට ගැළපෙන නව බඳවා ගැනීමේ පටිපාටියක් හඳුන්වා දීමට කටයුතු නොකළහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
වැඩවර්ජනය ආරම්භ කළහොත් ඡන්ද කාඩ්පත් බෙදා හැරීමෙන් පවා ඉවත් වන බවත්, නව බඳවා ගැනීමේ ක්රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලා පසුගිය ජූලි මාසයේදී වෘත්තීය ක්රියාමාර්ග දියත් කළ බවත් එම සංගමයේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
එම අවස්ථාවේදී ක්රමවේදයක් සකස් කළද, එය දෙපාර්තමේන්තුවට ගැළපෙන ලෙස සකස් නොකළ බවද හෙතෙම පවසා සිටියේය.