ආණ්ඩුව සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්රශ්නය විසඳාගැනීමට මෙතෙක් නොහැකිවීම නිසා දින 08ක් තිස්සේ රට අස්ථාවර වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
මේ නිසා දැනට ඉදිරිපත් තිබෙන යෝජනා දෙකෙන් එකක් කඩිනමින් ක්‍රියාවට නංවා, රට අස්ථාවරවීම වළක්වාගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ යුතු බවද එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා සඳහන් කළේය.
ආණ්ඩුව සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්රශ්නය විසඳීම සඳහා තම පක්ෂය යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබෙන බවත්, ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් එකතු කරගෙන ආණ්ඩුවක් නිර්මාණය කිරීම ඉන් එක් යෝජනාවක් බවත් ඔහු පවසා සිටියේය.
එම යෝජනාවට අනුව ඒකාබද්ධ විපක්ෂයේ කිසිවෙකුත් තනතුරුබාර නොගන්නා බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම අනෙක් යෝජනාව වී ඇතැයිද ඒ මහතා පවසා සිටියේය.
එසේ නොමැතිව තවදුරටත් මෙම ප්රශ්නය ඉදිරියට ගියහොත් ඒ හරහා දැඩි ලෙස රට අස්ථාවර වියහැකි බවද හෙතෙම කියා සිටියේය.