ඉන්දීය රජයේ ආධාර මත ඉදිකළ හැටන් දික්ඔය රෝහල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් මීට සුළු මොහොතකට පෙර විවෘත කළේය. ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වයි.
රෝහල විවෘත කිරිමෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වතුකරයේ ජනතාව හමුවීමට නියමිතය. ජාත්‍යන්තර වෙසක් දින උළෙලට එක්වීම සඳහා මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය.
සවස මහනුවර දළඳා මාළිගාවට ගොස් දළඳා සමිඳුන් වැදපුදා ගැනීමටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එක්වීමට නියමිතය.