ශ්රී ලංකා නිදහප් පක්ෂයේ තිබෙන්නේ එක පිලක් බවත්, ඒ ශ්රී ලංකා නිදහස් පක්ෂය බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
පොළොන්නරුවේ පැවැති ජන හමුවක් අමතමින් ඊයේ (04දා) ඔහු මෙම අදහස් දැක්වීය.
ශ්රී ලංකා නිදහස් පක්ෂය ජයග්රහණය කර අවංක වූ පාර්ලිමේන්තුවක් පිහිටුවීම සඳහා පොලොන්නරුවෙන් සිවු දෙනෙක් පාර්ලිමේන්තු යැවීමට ජනතාවට යුතුකමක් තිබෙන බවද ඔහු සඳහන් කළේය.
ජනවාරි 8 පැවැති ජනපතිවරයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරය් ජනාධිපති වූ බවත්, එය තමන්ට ප්රශ්නයක් නොවූ බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.