විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පසුපස ආරක්ෂක අංශ බුද්ධි සාමාජිකයන් යෙදවීම පසුගිය සති 02 ඇතුළතදී නතර වී තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.
එහි කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා සඳහන් කළේ ඉකුත් රජය සමයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන්ගේ නිවෙස්වලට පවා ආරක්ෂක අංශයේ පිරිස් ගොස් තර්ජනය කිරීම් සිදුකළද එය මේ වනවිට නතර වී ඇති බවයි.