පවුල් 1611 ක පුද්ගලයෝ 7612 ක් පීඩාවට
බදුල්ල, නුවරඑළිය, රත්නපුර, හම්බන්තොට දිස්ත්‍රික්ක හරහා හමාගිය දැඩි සුළං තත්ත්වය නිසා නිවාස 1679කට හානි සිදුව පුද්ගලයන් 7612 ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ීඩාවට පත් පිරිස පවුල් 1611කට අයත් බවත්, හානි සිදු වූ නිවාසවලින් නිවාස 106 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බවත් එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල් කුමාර මහතා සඳහන් කළේය.
සුළං තත්ත්වය නිසා වැඩිම හානි සිදුව තිබෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයට බවත්, එම දිස්ත්‍රික්කයේ පවුල් 1119කට අයත් පුද්ගලයන් 4013 ක් පීඩාවට පත්ව තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව එම දිස්ත්‍රික්කයේ නිවාස 1141කට හානි සිදුව තිබෙන බවත්, එම ප්‍රමාණයෙන් නිවාස 73 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.