මහනුවර දළදා මාලිගාව පිහිටි භූමිය හා අවට භූමිය හරිත කලාපයක් බවට පත්කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මහ නායක හිමිවරුන්ගේ ආශිර්වාදය හා උපදෙස් මත මෙය සිදුකිරීමට සැලසුම් කර ඇති අතර, මෙම වැඩපිළිවෙළ යටතේ හරිත කලාපයක් බවට පත් කළහොත් එම ප්‍ර‘දේශයට පොලිතින් රැගෙන ඒම තහනම් කිරීමටද නියමිතය. මීට අමතරව එම ප්‍ර‘දේශය තුළ කැළිකසළ කළමනාකරණය කිරීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙළක් දියත් කිරීමටත් සැලසුම් කර ඇත.
මහනුවර ගොහාගොඩ කුණුකන්ද පිළිබඳව පසුගිය 05 වැනි දින සිදුකළ පරීක්ෂණයට අනුව එම කුණු කන්ද අනතුරුදායක තත්ත්වයක නොපවතින බවට තොරතුරු තහවුරු වූ බවද පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
එහෙත් ඉදිරියේදී යම් අනතුරක් සිදුවිය හැකි බැවින් විකල්ප ස්ථාන සොයා එම ස්ථානවලට කැළිකසළ බැහැර කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමටත් එම අමත්‍යාංශය තීරණයක් ගෙන තිබේ.