මහනුවර ඓතිහාසික ශ්‍රීදළදා මාලිගාවේ ඇසල මහා මංගල්යයේඅවසන් රන්දෝලි පෙරහැර අද (17) වීථි සංචාරය කිරීමට නියමිතය.
ඇසල මහා මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර පසුගිය 8දා සිට 12දා දක්වා දින (5 ක් වීථි සංචාරය කර ඉන් අනතුරුව ප්‍රථම රන්දෝලි පෙරහැර පසුගිය (13දා) සිට වීථි සංචාරය කෙරුණි.
අවසන් රන්දෝලි පෙරහැර අද 17දා වීථි සංචාරය කරන අතර එය ශ්‍රීදළදා මාලිගාව අභියසින් රාත්‍රී 8.09 ට දකුණ දිශාභිමුඛව ගමන් ආරම්භකර දළදා වීදිය,යටිනුවර වීදිය, කන්දෙ වීදිය, ඩී.එස් සේනානායක විදිය, ඔස්සේ ගමන්ගෙන රජවීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතය.
ඉන් අනතුරුව හෙට (18දා) වන දින අලුයම ගැටඹේ තොටේ දිය කැපීමෙන් මහනුවර ඇසල මංගල්‍යය අවසන් වේ.