ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත්, අහිමි වූ ජීවිත හා දේපළ පිළිබඳව කනාගාටුව ප්‍රකාශ කරමිනිත් ටිබටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා වහන්සේ ශ්‍රී ලංකාවට ශෝකී පණිවිඩයක් යොමු කර තිබේ. එසේම විපතෙන් නැවත නැගී සිටීම සඳහා මුදල් ආධාරද උන්වහන්සේ යොමු කර තිබේ. මේ බව සඳහන් කරමින් උන්වහන්සේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර ඇත.