අවුරුදු 9ක් වන පිරිමි දරුවෙකු ඔහුගේ මව විසින් බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ හැර දමා ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙම දරුවා ඊයේ (22දා) බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පොළේ සිටියදී පොලීසිය විසින පොලිස් භාරයට ගෙන තිබේ.
පිටකොටුව පොලිස් ස්ථානයට දරුවා බාර දීමෙන් පසුව අලුත්කඩේ අංක 03 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මාකොළ රැඳවුම් නිවාසගත කිරීමට නියෝග කර තිබේ.
දරුවාගේ පියා කලුතර බන්ධනාගාර ගතව ඇතැයිද පොලීසිය කියයි. දරුවා දොඩම්ගොඩ ප්රදේශයේ පදිංචි කරුවෙකු බවට පොලීසිය තොරතුරු අණාවරණය කරගෙන තිබේ.