දරුවන් සම්බන්ධ පුවත් ප්‍රචාරණයේදී ඇතැම් ජනමාධ්‍ය තම පැවැත්ම පිළිබඳ පමණක් සිතමින් කටයුතු කරන අතර, දරුවන්ගේ අනාගතය පිළිබඳ අවධානය යොමු නොකරන බැවින් සියලු ජනමාධ්‍යයෙන් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරමින් වගකීමෙන් යුතුව කටයුතු කළයුතු බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අද(13දා) පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ජාතික ළමා සභා නිලවරණය හා නායකත්ව පුහුණු වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
නව තාක්ෂණික දියුණුවත් සමග සමාජය විසින් දරුවන් පිළිබඳ දක්වන සැලකිල්ලෙහි යම් ඌණතාවයක් දක්නට ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා දරුවන් සුරක්ෂිත කරගැනීම සියලුදෙනාගේ වගකීමක් බවද පෙන්වා දුන්නේය.
එමෙන්ම තම දරුවන්ට දක්වන සැලකිල්ලම අනෙක් දරුවන්ටද දැක්වීමෙන් සමස්ත දරු පරපුරේ ආරක්ෂාව තහවුරු වන බවද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
සමාජයේ පවතින විවිධ ප්‍රශ්න සහ අභියෝගයන්ට මුහුණ දෙමින් ජීවිතය ජයගත යුතු ආකාරය පිළිබඳවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී දරුවන්ව දැනුවත් කර සිටියේය.