දිළිඳුකම හේතුවෙන් ශ්‍රී ලංකාවේ 30% ක් දරුවන්ට මුල් ළමා විය අධ්‍යාපනය අහිමි වන බව රාජ්‍ය ඇමතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.
ඒ අනුව නැවත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව ලෝක බැංකුවෙන් ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලින් ශ්‍රී ලංකාවේ මුල් ළමා විය අධ්‍යාපනය විධිමත් කිරීමට පියවර ගන්නා බවද ඇය ප්‍රකාශ කළාය.
තමන් ඉල්ලා සිටි පරිදි ලෝක බැංකුව මුල් ළමා විය අධ්‍යාපනය විධිමත් කිරීම පිණිස ආධාර ලබාදීමට එකඟ වූ බවද ඇය කීවාය.