නිපෝන් ශ්‍රී ලංකා අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ 30 වැනි ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය ඇතුල්කෝට්ටේ මහින්දාරාමයේදී අද (14දා) පැවැත්වුණි.
මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.එම්.රාධක්‍රිෂ්ණන්, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියහ.
දිවයින පුරා පිහිටි නිපෝන් මධ්‍යස්ථාන 100 ක සාමාජිකත්වය දරන සිසු සිසුවියන් 800 ක් දෙනා සඳහා මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමුණි.
1986 වසරේ ආරම්භ කර ඇති මෙම ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ මේ දක්වා දරුවන් 12,000 කට ශිෂ්‍යාධාර ලබාදී ඇතැයි මෙම වැඩසටහනේ නිර්මාතෘ මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමියෝ පැවසූහ.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු