වයෝවෘද්ද පියා බලාගැනීමට අනික් සාහෝදරයින්ගේ සහය ලබා ගැනිමට බාල දියණිය විසින් පොලීසියට පැමිණිලි කර නිවසට එද්දී අසනිප තත්වයෙන් සිටි පියා මියගොස් ඇතැයි පේරාදෙණි පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ දරුවන් 12 දෙනෙකුගේ පියෙකුවන කොබ්බැකඩුව යහල තැන්නේ පදිංචි පනියල් දූවගේ රෆියල් සිල්වා (98) වයසැති පියෙකි.
දරුවන් 12 දෙනාගෙන් දෙදෙනෙක් මියගොස් ඇති අතර තම පියාව රුක බලා ගැනිමට දරුවන් 10 දෙනෙකුගෙන් යුත් පවුලේ කිසිම සහෝදරයෙක් ඉදිරිපත් නොවිම නිසා තම වසර 24 ක විදෙස් රුකියාවද අත් හැර දමා මෙරටට පැමිණි බවත් බාල දුව වන ආර් ඩි මාලනි පොලීසියට පවසා ඇත.