දෙරණ වාදපිටියේදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලන බවත්, එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැඩිලෙස කම්පාවට පත්ව සිටින බවත් වයඹ මහඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.
එසේම වයඹ ප්‍රධාන අමාත්‍යවරයා ලෙසත්, විශේෂයෙන්ම වයඹ අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් දරුවන්ට ආදර්ශයක් වීම පිළිබඳව සිතා බැලීමේදීත් තමන්ගේ හදවතේ දැඩි වේදනාවක් ඇතිවී තිබෙන බව මන්ත්‍රීවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
‘එම රූපවාහිනී සංවාදයේදී හරීන් හරිද, දයාසිරි හරිද යන්නට වඩා එම සිදුවීමේදී ආණ්ඩුපක්ෂ දේශපාලඥයෙකු ලෙස ජනතාවට වගකියන, ජනතා පරමාධිපත්‍යයට හිස නමන පුද්ගලයෙකු ලෙස එම ඇති වූ සිදුවීම සම්බන්ධව රටේ ජනතාවගෙනුත්විශේෂයෙන් වයඹ ජනතාවගෙනුත් සමාව අයදිමි.එමෙන්ම එම සිදුවීම සම්බන්ධව මා දැඩි ලෙස කම්පාවට හා දැඩි වේදනාවට පත් වී සිටිමි.
වයඹ ප්‍රධාන අමාත්‍යවරයා ලෙසත්, අධ්‍යාපන ඇමතිවරයා ලෙසත් දරුවන්ට ආදර්ශයක් වීම පිළිබඳව සිතා බැලීමේදී මෙම සිදුවීම මගින් මාගේ හදවතේ දැඩි වේදනාවක් හටගෙන තිබේ.දරුවන් ඉදිරියට ගොස් ආදර්ශ දීම පිළිබඳව කතාබහ කිරිමේදී මෙම සිදුවීම මාගේ හදවතට සදාකාලික රිදුම් දීම වළකාලිය නොහැකිවනු ඇත’ යනුවෙන් ප්‍රධාන ඇමතිවරයා නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.