දඹුල්ල නගරයේ රෙදිපිළි අලෙවිසැලකදී තරුණියකගේ අඟපසඟ අතගෑ බව කියන තරුණයා ඊයේ (17දා) පොලීසියට බාරවීමෙන් පසුව, ලබන 24 දක්වා බන්ධනාගාර ගත කරඇත.
පසුගිය 12වැනිදා දඹුල්ල නගරයේ රෙදිපිළි අලෙවි සැලකදී තරුණියක ඇඳුම් මිලදී ගැනීමට ගොස් සිටියදී වෙළෙඳසැල තුළදී මෙම සිදුවීමට ලක්ව ඇත.
පසුව දඹුල්ල නගරය තුළ නොසන්සුන්තාවක් ඇතිවූ අතර, එම වෙළෙඳසැලේ සේවකයන් 5 කු සැකපිට අත්අඩංගුවට ගැනුණු අතර, නියම සැකකරු පලා ගොස් සිටියේය.
මෙසේ බන්ධනාගාරගත කළේ, මරදන්කඩවල පදිංචි මොහොමඩ් පර්ශාද් (30) නමැති විවාහක අයෙකි.