පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දඹුලු ලෙන් සිතුවම් සංරක්ෂණය කිරීම සඳහා විශේෂඥ සහය ලබා දීම පිණිස ඉතාලියේ (International Centre for the Study of the Preservation and Restoration of Cultural Property) (ICCROM) ආයතනයේ බිතු සිතුවම් සංරක්ෂණය පිළිබඳ මහාචාර්ය වර්නර් ස්මිත් මහතා එළඹෙන අප්‍රේල් මස 3 වන දින ලංකාවට පැමිණීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාශය දැනුම්දෙයි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා පශ්වාත් උපාධි ආයතනය විසින් දඹුලු චිත්‍ර සංරක්ෂණය සඳහා සහයෝගය ලබා දෙන මෙන් ඉතාලියේ (ICCROM) ආයතනයෙන් කළ ඉල්ලීමකට අනුව ස්මිත් මහතා ඒ සඳහා යොමු කර තිබේ.
මේ වන විට දඹුලු චිත්‍ර දුර්වර්ණවීම් වලට ලක්වී ඇති අතර නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් එම චිත්‍ර සංරක්ෂණය කිරීමට ඒ පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය වර්නර් ස්මිත් මහතාගේ මග පෙන්වීම මත අවශ්‍ය පියවර ගැනීමට නියමිතය. අප්‍රේල් මස 3 වන දින සිට 9 වන දින දක්වා කාලය තුළ දේශීය බිතු සිතුවම් සංරක්ෂණ ශිල්පීන් ද සමග වර්නර් ස්මිත් මහතා විසින් දඹුලු චිත්‍ර සංරක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ බිතු සිතුවම් සංරක්ෂණ ශිල්පීන් සඳහා පුහුණු වැඩසටහනක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.