රජයේ ඉඩම්වල අනවසරයෙන් බොරලු කැපීමේ චෝදනාව යටතේ දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතා අද (18දා) පස්වරුවේ මහනුවර විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මීට වසර කිහිපයකට පෙර ලැබුණු පෙත්සමක් විමර්ශනය කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසීය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් ජාලිය ඕපාත මහතා දඹුල්ල මහ නගර සභාවේ ප්රථම නගරාධිපති වේ.