දඹුල්ල මූලික රෝහලේ මව්වරුන්ට උපත් පාලනය සඳහා බලපෑම් කළ බව කියන සිදුවීම සම්බන්ධයෙන් කරනු ලැබූ මූලික පරීක්ෂණයේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරියගේ මැදිහත්වීමෙන් මෙම පරීක්ෂණය සිදුකර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මව්වරුන්ගේ හා පියවරුන්ගේ ලද ලිඛිත හා නිර්නාමික පැමිණිලි මත හා එම රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ වෛද්‍යවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ ප්‍රකාශ මත මෙම වාර්තාව සකස් කර ඇත.
එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සැඳුම්ලත් මණ්ඩලයක් මගින් අධ්‍යනය කර අවසන් තීරණය ගැනීමට නියමිතය.