දඹදිව වන්දනාවේ ගොස් සිටි වන්දනාකරුවන් ජීවිතක්ෂවයට පත්වීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලදී වන්දනා නඩ රැගෙන යන ආයතන නීතීරීතී උල්ලංඝනය කර තිබෙන බව තහවුරු වුවහොත් ඔවුන්ගේ ලියාපදංචිය අවලංගු කරන බව බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේල අද (27දා) මහනුවර දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"වන්දනා නඩ විදෙස් රටවලට ගෙනගිය පසු ඔවුන් නීතිරීති හා රෙගුලාසි ඒ අයුරින්ම රකිනවාද යන්න සම්බන්ධව නිරීක්ෂණය කිරීම ප්රා්යෝගිකව අපහසුයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හා දිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගෙන් තොරතුරු ලබා ගැනීමෙන් පසු සාධාරණ පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කරනවා" යැයි පැවසීය.