දඹදිව වන්දනා චාරිකාවක නිරතව සිටියදී මියගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඊයේ (25දා) රාත්රියේදී කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.
වලස්මුල්ලේ පදිංචි 62 හැවැරිදි සමරසිංහගේ ඩේවිඩ් හා මැල්සිරිපුර පදිංචි 67 හැවැරිදි පී.ඩී. සෝමාවතී යන අයමෙසේ මියගොස් තිබේ.
මේ අතර කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසූවේ
දඹදිව වන්දනාවේ යන 10 දෙනෙකු පමණ මසකට මිය යන බවයි.
එරට දේශගුණික තත්වය, අධික මහන්සිය සහ වන්දනා කරුවන් පෙළෙමින් සිටින ලෙඩ රෝග සදහා නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම මෙම මරණ සඳහා හේතු වී තිබේ.