එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ද්‍රවිඩ දේශපාලන නායකයන් අතර හමුවක් පවත්වා තිබේ.
කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේදී මෙම හමුව පවත්වා ඇති අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධයන මහතා මෙහිදී මෝදි හමුවූ කණ්ඩායමේ නායකත්වය දරා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද මෙම අවස්ථාවට එක්ව තිබේ.