එල්.ටී.ටී.ඊ. හිතවාදී දමිල ඩයස්පොරා සංවිධාන තහනම් කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව අදාළ සංවිධාන ශ්‍රී ලංකා රජය කෙරෙහි අසතුටෙන් සිටින බව වාර්තා වෙයි.
එසේම එම ක්‍රියාමාර්ගයට එරෙහිව ජාත්‍යන්තරව හඩක් නැගීමටද එම සංවිධාන සූදානමින් සිටින බව ඔවුන් විසින් ජාත්‍යන්තරව පවත්වාගෙන යන වෙබ් අඩවි වාර්තා කරයි.
ශ්‍රී ලංකා රජය ගත් මෙම ක්‍රියාමාර්ගය දමිල ජනතාව තවදුරටත් පිඩනයට ලක් කිරීමට ගත් ක්‍රියාමාර්ගයක් බවද ඔවුන් වැඩිදුරටත් පවසයි.
එල්.ටී.ටි.ඊ. සංවිධානය ඇතුලු දමිල ඩයස්පෝරා සංවිධාන 16ක් තහනම් සංවිධාන බවට නම් කිරීමට ශ්‍රී ලංකා රජය මීට ඉහතදී කටයුතු කරනු ලැබීය.