ලබන වසරේ ධර්මපාල දින සැමරුම් දිනය දක්වා අනගාරික ධර්මපාලතුමාගේ දර්ශනය සහ චරිතය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක හා කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට අද (21දා) උපදෙස් ලබාදුන්නේය.
ඊට අවශ්‍ය සම්පත් සහ පහසුකම් ලබාදීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.
බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ කැලණිය විශ්වවිද්‍යාලය ජනසන්නිවේදන අංශය විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී සංවිධානය කර තිබූ 151 වැනි අනගාරික ධර්මපාල ජන්ම සංවත්සර ජාත්‍යන්තර පරිසංවාදය නම් දෙදින වැඩමුළුවේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.





ඡායාරූප ශමිර රාජපක්ෂ