දන්නා දේවල් ඉදිරියේදි කියන්නම් - මෛත්රී
මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට හෝ පෞද්ගලිකව පවුලට එරෙහි නොවූ බවත් අල්ලසට, දූෂනයට, නාස්තියට හා පවුල් පාලයට එරෙහිවූ බව පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා පැවැසිය.
එසේම ජනපතිවරයා තෙවැනිවර බලයට පත්වුවහොත් රටේ සියලුම දේශපාලන පක්ෂ නැති කිරීමට ජනපතිවරයා කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.
සිය ප්රචාරක කටයුතු පොලොන්නරුවෙන් ආරම්භ කරමින් අද (30දා) පස්වරුවේදී හෙතෙම මෙම අදහස් ප්රකාශ කළේය.
"මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි, මම ඔබට පෞද්ගලිකව එරෙහි වූවා නොවෙයි, ඔබේ පවුලට පෞද්ගලිකව එරෙහිවූවා නොවෙයි, මම එරෙහිවූයේ ඔබේ අල්ලසට, දූෂනයට, නාස්තියට, විධායක ජනාධිපති ක්රමයට, පවුල් පාලනයට පමණයි. මහින්ද රාජපක්ෂ මහත්තයා සූදානම් වන්නේ මේ රටේ සියළු දේශපාලන පක්ෂ විනාශ කරන්න. තුන්වැනි සැරේට බලයට පත් වුණොත් මේ රටේ සියළු දේශපාලන පක්ෂ සමතලා කරලා දාන්න මහින්ද රාජපක්ස මහත්තයා කටයුතු කරනවා. මම ඒ හැම දෙයක්ම දන්නවා. මම දන්නා දේවල් තවත් ඉදිරියේදී කියන්නම්." යනුවෙන් හෙතෙම සඳහන් කළේය.
්
්
්
්
්
පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්/එප්පාවල තිසර සමල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

