දත් ගැලවීම ලේසි වුවත් දේශපාලනයට ගැළපෙන්නේ නෑ
"අලුත් ව්‍යවස්ථාව සම්මත කරගන්න ඕන නම් රාජිත සේනාරත්න දොස්තර මත්තයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සහයෝගය අවශ්‍යයි. දත් ගලවන එක ලේසි වුවත් ඒක දේශපාලනයට ගැළපෙන්නේ නෑ." යැයි මහා මාර්ග රාජ්‍ය ඇමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (09දා) බණ්ඩාරවෙලදී පැවැති මාධ්‍ය හමුවකදීය.
"සරත් ෆොන්සේකා මහත්තයා දිගින් දිගටම මහින්ද රාජපක්ෂ මහත්තයා සාටකයෙන් එල්ලනවා කියල තර්ජනය කරනවා. සරත් ෆොන්සේකා මහත්තයා කුදලාගෙන ගිහින් හිරේ දාපු එකට පුද්ගලික වෛරයක් එතුමාට ඇති. හැබැයි සරත් ෆොන්සේකා වගේ ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලඥයෙක් දේශපාලනය කරන්න නොදන්නා කෙනෙකුට තමන්ගේ හමුදාවේ සිටියදී කළ වැඩ නිසා ගත්ත කීර්තිනාමය හානි කරගෙන බලු කතා කියන්න එපා.
මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටට විශාල සේවයක් කරපු කෙනෙක්. එතුමා සාටකයෙ එල්ලනවා කියන කාරණය හරහා සරත් ෆොන්සේකා දේශපාලන පිංපියෙක් ගානට වැටෙනවා කියල මට හිතෙනවා.
ඊළඟට රාජිත සේනාරත්න මහත්තයා, ජෝන් සෙනෙවිරත්න මහත්තයක් එක්ක දේශපාලනවාදයක පැටලිලා කියල තිබුණා මේක ඒගොල්ලන් හදපු ආණ්ඩුවක් නිසා මේකේ අපිට ඉන්න අයිතියක් නැහැ කියල.
කතා කරන්න අයිතියක් නැහැ කියල. මං රාජිත සේනාරත්න දොස්තර මහත්තයට කියන්න ඕන දින 100 කාලේ 19 වැනිසංශෝධනය සම්මත කරගත්තේ එදා මෛත්‍රීපාල මහත්තයට ඡන්දය දුන්න ඉන්න අයගේ සහයෝගයෙන් නොවෙයි.
19 වැනි සංශෝධනය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයට ඡන්දය දුන්න අපේ සහයෝගෙයෙන්. මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ නායකයා වුණාට පස්සේ ඊළඟට මේ අවුරුද්දෙත් රාජිත සේනාරත්න මහත්තයට කියනවා ජනාමාධ්‍ය ප්‍රකාශක තමා කියල.එතුමාට අමතක වෙනවා නව ව්‍යවස්ථා කෙටුම්පත තුනෙන් දෙකක ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕන කියලා.
යූ.එන්.පී, ජේ.වී.පී., ටී.එන්.ඒ. තුනම හිට ගත්තත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය ලැබෙන්නේ නැහැ ශ්‍රීලංකා නිදහස්පක්ෂයේ අපි නැතිනම්. අලුත් ව්‍යවස්ථාව සම්මත කරගන්න ඕන නම් රාජිත සේනාරත්න දොස්තර මත්තයෝ ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ සහයෝගය ඕන."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

