දඬුවම් පමුණුවන ලද තැනැත්තන් බාරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ යුක්රේනය අතර ගිවිසුමක් ඇති කරගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒසඳහා වන යෝජනාව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර අමාත්‍ය මණ්ඩල අනුමැතියද එයට හිමිව තිබේ.
1995 අංක 5 දරන වරදකරුවන් බාරදීමේ පනත මගින් මෙරට අධිකරණයක් විසින් වරදකරුවෙකු කර සිරදඬුවම් නියම කරනු ලැබූ වෙනත් රටක පුරවැසියෙකුට එම දඬුවම එකී තැනැත්තා පුරවැසියෙකු ලෙස සලකන රටේදීම විඳීමට හැකි වන පරිදි එම රටට බාරදීමට හැකි බවත්,එමෙන්ම වෙනත් රටකදී සිරදඬුවමකට යටත් කරන ලද ශ්‍රී ලාංකික පුරවැසියෙකුට එම දඬුවමේ ඉතිරි කොටස ශ්‍රී ලංකාව තුළදී විඳීම සඳහා ශ්‍රී ලංකාවට බාරදීම පිණිස වන විධිවිධාන සලසා ඇති බවත් අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.