ජාත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීම අනුව අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව අවුරුදු 12 සිට 14 දක්වා වෙනස් වුවද අවුරුදු 08ට අඩු ළමයකු විසින් කරනු ලබන කිසිවක් වරදක් නොවන බව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වේ. එසේ වුවද,. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන, අපරාධයක වගකීම් දැරීමේ අවම වයස් සීමාව වන අවුරුදු 08 යන්න ඉතා ළාබාල වයස් සීමාවක් බව මනෝ වෛද්‍යවරුන්ගේ සහ අදාළ ක්ෂේත්රවල විශේෂඥවරුන්ගේ මතය වේ. ඒ අනුව වයස අවුරුදු 12ට අඩු ළමයකු විසින් වරදක් සිදු කරනු ලැබූ විට, එම වරද සඳහා අදාළ ළමයාට දඬුවම් නොකළ යුතු බවට සහ වයස අවුරුදු 12ට වැඩි එහෙත් අවුරුදු 14ට අඩු ළමයකු සම්බන්ධයෙන් වන විට, චෝදනා කරනු ලැබ ඇති වරද සිදු කිරීම සඳහා ප්‍රමාණවත් චේතනාවක් ඇති කරගැනීමට තරම් මේරූ බුද්ධියක් අදාළ ළමයාට ඇතැයි යන්න මහේස්ත්රාත්වරයාගේ අභිමතය වේ නම් පමණක් අදාළ වරද සඳහා දඬුවම් පැමිණවීමට හැකි වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇත.