තව ටික දවසකින් නාවලපිටියේ සිට කොළඹට පැය එකයි විනාඩි පහළොවකින් ළඟාවිය හැකි බවත්, රථවාහන පොලීසියට රුපියල් 1000ක දඩයක් ගෙවීමෙන් පැයකින් පමණ පැමිණිය හැකි බවත්, එම දඩය ඉදිරියේදී වැඩි කිරීමට සිතමින් සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
නාවලපිටියේ අද (14දා) පැවැති ජන රැලියක් අමතමින් ඒ මහතා මෙම අදහස් ප්රකාශ කළේය.
“අද කොළඹට යන්න පැය හතරක් යනවා. නමුත් තව ටික දවසකින් පැයයි විනාඩි 15කින් කොළඹ යන්න පුළුවන්. පොලීසිය ඉන්නවා, ට්රැෆික් පොලිස් එකට රුපියල් 1000ක් වැඩිපුර ගෙවලා ඕනනම් ටිකක් වේලාසනින් එන්න පුළුවන් පැයකින්. ඒකට අපේ කිසි විරෝධයක් නෑ. මොකද මම දඩ මුදල වැඩිකරන්නයි ඉන්නෙ.
ශ්රී ලංකාවෙන් 98%කට විදුලිය දීලා තියෙන්නෙ. තව 2%යි තියෙන්නෙ. ඒකත් 31 වැනිදට කලින් දෙන්න කියලයි මම තියෙන්නෙ. විදුලිය පැය 24ම ලබාදෙන එකම රට ලංකාවයි” යනුවෙන්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.