රථවාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය විසින් ලබා දෙන දඩ කොළ නවීන තාක්ෂණය යොදාගෙන අදාළ වැරදිකරුගේ නිවසට යැවීමේ ක්‍රමය පොලීසියට හඳුන්වාදෙන බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවැසීය.
පෙබරවාරි මාසයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කරන බවත් මේ අනුව අදාළ වරද සඳහන් ඡායාරූපයක් සමග දඩකොළය වාහනය ලියාපදිංචි පුද්ගයාගේ නිවසට යවන බවද අද (11දා) පැවැති වැඩමුළුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.