දකුණු ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන සිදුකරන සංවර්ධන කටයුතු සඳහා චීන රජය අක්කර 1500 ක් ඉල්ලා ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. හම්බන්තොට, මොනරාගල, රත්නපුර, මාතර දිස්ත්‍රික්ක නියෝජනය කරන ඇමතිවරුන්ට එම ඉඩම් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන්නැයි දන්වා ඇතැයිද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
හම්බන්තොට ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරෙන කර්මාන්ත කලාපය ඉදිකිරීමේදී වන රක්ෂිත ප්‍රදේශ සහ වනජීවී කලාප මගහැරීමට කටයුතු කරන ලෙසත්, වන අලින්ට ගමන් කිරීමට වෙනම මාර්ගයක් ඇති කරන ලෙසත් දන්වා ඇතැයිද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
විදේශීය සමාගම්වලට ඉඩම් දෙන්නේ බදු ක්‍රමයටයි. දීර්ඝ කාලීනව බදු දෙන්න පුළුවන්. දැනට බී.ඕ.අයි. වෙළෙඳ කලාපයේ දෙන්නෙත් ඒ අනුවයි. දැනට චීනය පමණක් අක්කර 1500 ක් ඉල්ලා තිබෙනවා. ඊට අමතරව තවත් ආයොජකයෝ එනවා. විශාල කර්මාන්ත සඳහා ඉඩම් අවශ්‍යයි. චීනයේ තිබෙන සමහර කර්මාන්ත ශාලා හදන්න අක්කර 25-30 ක් යනවා.
2000 - 5000 පමණ ඒවායේ වැඩ කරනවා. මේ සැරේ චීනයට ගියාම දැක්කා සමහර මධ්‍යම පරිමාණයේ ඒවා. තට්ටු ගොඩනැගිලිවලයි ඒවා තිබුණේ. දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයෙන් ඉඩම් හොයාගෙන යන්නේ. වනජීවීන් ගැන විශේෂයෙන් අවධානය යොමු කළා. වන ජීවීන් කර්මාන්ත කලාපයට ඇතුළත් නොකරන්නත්, අලිඇතුන් ගැනත් අපි බලන්න ඕන. චීන පාර්ශ්වය එකඟ වුණා වනජීවීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්. කුඩා ඔය පැත්තෙන් අක්කර 2000 – 3000 ක් හොයාගන්න පුළුවන් වේවි" යනුවෙන්ද අගමැතිවරයා පවසා සිටියේය.