දකුණු පළාතේ වෙරළ තීරයන්හි විදේශිකයන්ට පමණක් යනුවෙන් සීමා කර ඇති සියලුම ස්ථාන ඉවත් කරන ලෙසට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
මුහුදු වෙරළ පොදු ස්ථානයක් වූවත් සමහර ව්‍යාපාරිකයන් විසින් ව්‍යාපාරික ස්ථාන ඉදිරිපිට මුහුදු තීරය විදේශීය ජාතිකයන්ට පමණක් භාවිතා කළ හැකි ලෙස සකස් කර තිබෙන බවට ලැබුණු තොරතුරු මත මෙම උපදෙස් ලබාදී ඇත.
මීට අමතරව විදේශිකයන්ට පමණක් සේවා සපයන බවට සඳහන් කරන ආයතන සමග සාකච්ඡා කර එම ස්ථානවල සේවාව දේශීය සංචාරකයන්ටත් ලබාදෙන ආකාරයට කටයුතු කරන ලෙසට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන්ද ඉල්ලීමක් කර තිබේ.