දකුණු පළාත් සභාවේ සන්ධාන පාලනය පෙරළා එ.ජා.ප. පළාත් සභාවක් පිහිටුවන්නට සැලසුමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව දකුණු පළාත් සභාවේ එ.ජා.ප. මන්ත්රී විජේපාල හෙට්ටිආරච්චි මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ,
"සන්ධානයේ කාලය ඉවරයි. දකුණු පළාත් සභාවේ ඇමතිවරුන් දෙදෙනෙකු හා මන්ත්රීවරුන් සිවුදෙනෙකු විපක්ෂයට එනවා. තවත් අය කිහිපදෙනෙක් සමග සාකච්ඡා කරනවා. ඉදිරි කාලයේදී සන්ධානය පෙරළා එ.ජා.ප. පළාත් සභාවක් බිහිකරන්න කටයුතු කරනවා" යනුවෙනි.
ජිනේෂ් නානායක්කාර - ගාල්ල