දකුණු පළාත් සභාවේ ජ.වි.පෙ මන්ත්‍රී ජිනදාස කිතුලේගොඩ මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇතිවු පුරප්පාඩුව සඳහා එම පෙරමුණ මගින් ලාල් ප්‍රේමනාත් මහතා පත්කොට ඇත.
ලාල් ප්‍රේමනාත් මහතා පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ඉදිරියේ ඉකුත් සතියේ දිවුරුම් දුන්නේය. සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් පසුව ප්‍රේමනාත් මන්ත්‍රීවරයා අද (08) පැවති දකුණු පළාත් සභා රැස්වීමට පැමිණ සභා රැස්වීමට සහභාගී වූයේය. මෙහිදී සභාපති කේ.ඒ.සෝමවංශ මහතා විසින් ලාල් ප්‍රේමනාත් මන්ත්‍රීවරයාට සුභපැතුම් එක් කරනු ලැබීය.
ජිනේෂ් නානායක්කාර