දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා ඇතුළු දස දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ඊයේ රාත්‍රී (11.55) දිවයිනට පැමිණි බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසයි.
සිංගප්පූරු ගුවන්සේවයට අයත් SQ – 468 දරන ගුවන් යානයෙන් දූත පිරිස දිවයිනට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර සුහදත්වය වර්ධනය කරගැනීම මෙම සංචාරයේ අරමුණ බව එම ආරංචිමාර්ග පවසයි.
ඒ මහතා ඇතුළු දූත පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා දකුණු කොරියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගි වී ඇත.