දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට එළඹීමට එකඟතාවය පළවී තිබේ. ඒ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍ය චංග් මයෝයුන්ග් - ජින් මහතා අතර සිදු වූ විශේෂ සාකච්ඡාවකදීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව ශක්තිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීමට දකුණු කොරියානු රජයේ කැමැත්ත මෙහිදී පළකල දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යවරයා ලොව දරුණුතම ත්‍රස්තවාදය පරාජය කල රටක් ලෙස ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක ගිවිසුමකට එළඹීම වැදගත් බවද පැවැසීය.