ක්රිකට් ක්රීඩාවේ ඉදිරි ගමන සඳහා ඉන්දියාව මූලිකව ඉදිරිපත් කර තිබූ යෝජනාවලියට විරුද්ධ වූ පළමු රට වූ දකුණු අප්රිකාව අද (08)දින සිංගප්පූරුවේ පැවති ඡන්ද විමසීමේ දී යෝජනාවලියට සිය කැමැත්ත පළ කළේය. ශ්රී ලංකාව මෙම යෝජනාවලියට විරුද්ධ වීමට තීරණය කළද අද ඉදිරිපත් කළ යෝජනාවලිය මීට පෙර ඉදිරිපත් කළ යෝජනාවලට වඩා වෙනස් නිසා එයට විරුද්ධ වීමට හෝ එකඟ වීමට නොහැකි බව ශ්රී ලංකා නියෝජිතයෝ පවසා ඇත. ක්රිකට් විධායක කමිටුව සහ ශ්රී ලංකා ක්රිකට් වෙනුවෙන් දායකත්වය දක්වන්නන් විරුද්ධ වූ යෝජනාවලිය අද ඉදිරිපත් නොවූ බවද නව යෝජනාවලියට එකඟ වීම හෝ විරුද්ධ වීම සිදුවන්නේ අදාල සියලු කොටස් මෙම නව යෝජනා සම්බන්ධයෙන් ලබා දෙන තීරණයෙන් පසුව බවද ශ්රී ලංකා ක්රිකට් නියෝජිතයෝ පවසා ඇත.
කෙසේ වුවද මේ සටනේ ඉදිරියෙන්ම සිටි දකුණු අප්රිකාව ඉන්දියාව සමග රහස් එකඟතාවක් ඇතිව මෙම යෝජනාවලියට එකඟ වූ බවට චෝදනාවක් මේ වනවිට විට නැගෙමින් පවතී.