දකුණු අප්‍රිකාවේ උපජනාධිපති හා දකුණු අප්‍රිකාව විසින් ශ්‍රී ලංකාවවෙනුවෙන් පත්කළ විශේෂ නියෝජිත සිරිල් රමපෝසා මහතා අද (07දා) දිවයිනට පැමිණියේය.
ශ්‍රී ලංකාවේ සමගි සන්ධාන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කිරීම උපජනපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණයි.
පසුගිය වසරේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී ශ්‍රී ලංකා ජනපති දකුණු අප්‍රිකානු ජනපතිගෙන් කරනු ලැබූ ඉල්ලීමක ප්‍රතිචාරයක් ලෙස සමපෝෂා ශ්‍රී ලංකාවට පැමිණෙයි.ඔහු ශ්‍රී ලංකා රජය, විපක්ෂය හා ජනතාව සමග සාකච්ඡා කිරීමට නියමිත බව‘ද සිටිසන්’ පුවත් සේවය පැවසීය.
ඡයාරූපය අංජන ශ්‍රී කුමාර