අධිවේගී මාර්ග ඉදිකිරීමෙන් පසු පැය 24 ක් තුළදී වාර්තා වූ වැඩිම ආදායම 17 වැනිදා මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වූ බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
එම කාලය තුළදී අධිවේගී මාර්ගය හරහා වාහන 58,452 ක් ධාවනය කර තිබෙන බවත්, එම කාලය තුළදී රුපියල් එක්කෝටි අසූ තුන් ලක්ෂයක ආදායමක් උපයාගෙන තිබෙන බවත් පවසා සිටියේය.
අප්‍රේල් 08 වැනිදා සිට ඊයේ (18දා) දිනය දක්වා කාලය තුළ සිදු වූ රිය අනතුරු සැලකූ විට රිය අනතුරු 40෴කින් අඩු වී තිබෙන බවද අධ්යක්ෂවරයා සඳහන් කළේය.
මෙම කාලය තුළදී රිය අනතුරු 38 ක් සිදු වී තිබෙන බවත්, එහෙත් තුවාලකරුවන් වාර්තා වී තිබෙන්නෙත් තිදෙනෙකු පමණක් බවත් ඔහු පවසා සිටියේය.
පැය 24 ක කාලය තුළදී වාහන 58,453 ක් භාවිත කර තිබුණද පිටවීමේ හෝ ඇතුළුවීමේ ස්ථානවල මාර්ග තදබදයක් ඇති නොවීමට අවශ්‍ය කටයුතු සිදුකළ බවද ඕපනායක මහතා කියා සිටියේය.
බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සිදුකරන මෙහෙයුම්වලදී දින 08 ක කාලයක් තුළ රියදුරන් 1710 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එම පිරිස් අතර 927 දෙනෙකු යතුරුපැදිකරුවන් වන අතර, 535 දෙනෙකු ත්‍රිරෝද රථ රියදුරන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
ලොරි රථ රියදුරන් 44 ක් පෞද්ගලික මගී ප්‍රවාහන රථ රියදුරන් 12 දෙනෙක්, ගමනාගමන මණ්ඩල බස්රථ රියදුරන් 03 ක්, වෑන් රථ රියදුරන් 53 ක්, කාර් රථ රියදුරන් 82 ක් අත්අඩංගුවට ගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය.