ජාතික ගමනා ගමන කොමිෂන් සභාව හිතුමතේට ලබාදී තිබෙන මාර්ග බලපත්ර 10 අවලංගු කරන තුරු දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුකරන බස් රථ වර්ජනය දිගටම ක්රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ගාල්ල-මහරගම, මහරගම-මාතර අතර මාර්ග බලපත්ර 05 බැගින් බලපත්ර 10 ක් ලබාදී තිබෙන බවත්, මෙම බලබත්ර වහාම අවලංගු කරන ලෙස ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවද ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේය. දැනට මහරගම-මාතර, මහරගම-ගාල්ල අතර බස් රථ වර්ජනයක් ක්රියාත්මක වන බවද සඳහන් කළේය.