දංකොටුවේ 13 හැවිරිදි සිසුවියක් අතුරුදන්
- 20 09 2015
- 16:29
- {{hitsCtrl.values.hits}} views
- . .
දංකොටුව දුම්මලකොටුව ප්රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවියක් දින කීපයක සිට නිවසින් අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. දුම්මලකොටුව කනිෂ්ඨ විදුහලේ 8 වසරේ ඉගෙනුම ලබමින් සිටි දැරියක් මෙලෙස අතුරුදන්වී ඇත.
ඉකුත් 18 වෙනිදා උදෑසන සිට තම දියණිය නිවසින් අතුරුදන් වී ඇති බවට ඇයගේ මව විසින් දංකොටුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
තමන් උදෑසනින්ම රැකියාවට ගොස් නිවසට පැමිණ බලනවිට එදින පාසැල් නොගිය තම දියණිය නිවසේ නොසිටි බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලීසිය පවසයි.
මෙම දැරිය කිසියම් පිරිසක් බලහත්කාරයෙන් රැගෙන ගියාද යන්න පැති කීපයකින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
නයිනමඩම - චන්දන ප්රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
