දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් එම රජය පවත්වාගෙන යන සමාජ ආරක්ෂණ වැඩසටහන (කුක්මින්) කිසිසේත් වෙනස් කරන්නේ නැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කුක්මින් විශ්‍රාම වැටුප් ක්රමයේ කිසිදු වෙනසක් කර නැති බවත්, එය පෙර පරිදිම ක්‍රියාත්මක වන බවත් එම කාර්යාංශය සඳහන් කරයි.
යම් ශ්‍රමිකයෙකු කොරියාවේ නියමිත කාලය සේවය කර යළි මව්බිමට පැමිණීමට පෙර නියමිත පරිදි එම විශ්‍රාම වැටුප් ඉල්ලුම් කළ පසු ඔහු හෝ ඇය කොරියාවේ ගුවන්තොටුපළකින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර, ශ්‍රමිකයාට හිමි ප්රතිලාභ සම්පූර්ණයෙන්ම ආපසු ලබාගත හැකි බවත්, මේ පිළිබඳව පවතින අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කොරියානු රැකියාලාභීන් වෙත දැනුම් දෙයි.