දකුණු කොරියාවේ විදෙශ අමාත්‍ය යුන් බයින්- සේ මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක ඊයේ (15දා) ජනපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ. මෙහිදී දෙරටට වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.
දකුණු කොරියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්යත්රාන්තික සබඳතා ආරම්භ කර වසර 40 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයට එක්වීමට දකුණු කොරියා විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.